LICENSE_online
EBMD
BNR E
E ROC online

Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News

07
Sep2025
Induced Fish Breeding

Induced Fish Breeding

Induced Fish Breeding Venue : Oruwal M C P Farmer Premises Organisazed By : Deparment of Fishery Breeding Project Resource Person : Mr. A. R Mudalige

05
Sep2025
Desith Bodhipala Wandana

Desith Bodhipala Wandana

There will be a desithpala bodi wandana puja held on the 13th Septemper at 6.00 p.m. Venue : Mailangama Road, Pushparama Temple Organized by Samudhi Praja Mula Organization  

02
Sep2025
Clean Sri Lanka

Clean Sri Lanka

"Clean Sri Lanka" is the main concept to improve productivity of government organization, so the "Seiry Week" is effectivly imposed at the DS Office.In paralal the national programe of "Clean Sri Lanka", All the government organizations actively support from 1st of September 2025 to the 4th. This is islandwide programe...

02
Oct2023
Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team Match was hel at the Buddadasa ground on August 24th 2025. Kaduwela team won after good compition with Homagama DS team.    

« »

සමෘද්ධි සහනාධාරය ඉල්ලුම් කරන ආකාරය හා ඒ සඳහා සුදුසුකම් ඇතුළත් චක්‍රලේඛ

සමෘද්ධි සහනාධාර දීමනා පත්‍රිකා මාරු කිරීම

▶️ සමෘද්ධි සහනාධාර දීමනා පත්‍රිකා මාරු කිරීම සදහා අවශ්‍ය ලේඛන
✔️ සමෘද්ධි ප්‍රතිලාභියා විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් ලිපිය.
✔️ සහනාධාර හිමිකම ලැබූ වසමේ ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන පදිංචි හැරගිය බව දන්වන ලිපිය.
✔️ සහනාධාර හිමිකම ලැබූ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් නිකුත් කරන පදිංචිය හැරගිය බව දන්වන ලිපිය.
✔️ නව පදිංචිය සහිත වසමේ ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන පදිංචි සහතිකය.
✔️ නව පදිංචිය සහිත වසමේ සමෘද්ධි සහනාධාරය ලබාදීම සුදුසු බව නිර්දේශ කරමින් නිකුත් කරන ලිපිය.

සමෘද්ධි සහනාධාරය හා බැදුණු ප්‍රතිලාභ හා අනෙකුත් වැදගත් තොරතුරු

ප්‍රතිලාභ

1. දරු උපතක දී රු 10,000/- ක දීමනාවක් හිමි වේ. (උපරිම අවස්ථා 03 ක දී) මීට අමතරව නිවුන් දරු උපතකදී, දරුවන් දෙදෙනෙකු සඳහා මසකට රු 5,000/- බැගින් හා තුන්දරු හා ඊට වැඩි උපතකදී මසකට රු 10,000/- වසරක කාලයක් සඳහා අමතර මුදල් ආධාර හිමිවේ. 

2. පවුලේ සාමාජිකයකුගේ විවාහක දී රු 10,000/- ක දීමනාවක් හිමිවේ. (උපරිම අවස්ථා 02ක දී)
 
3. පවුලේ සාමාජිකයකුගේ රෝහල් ගත වීමකදී එම පවුලට වසරකට දින 30 ක උපරිමයකට 
යටත්ව අවමය  දින 05 ක් සඳහා දිනකට රු 350/- ක උපරිම රු 10,500/- දිමනාවක් හිමිවේ. 
 
4. පවුලේ සාමාජිකයකුගේ මරණයක දි රු 20,000/- ක දීමනාවක් හිමිවේ. 
 
5. ඔබගේ පවුලේ දරුවකු අ.පො.ස. (සා.පෙළ) සමත්ව අ.පො.ස. (උ.පෙළ) හැදෑරීමේදී මසකට රු 1,500/= බැගින් වසර 2 සඳහා සිප්දොර ශිෂ්‍යත්ව ප්‍රතිලාභ හිමි වේ.                                                               
(ඉහත 1, 2, 3, 4, 5 ට අදාළව කරුණු චක්‍ර ලේඛන උපදෙස් මත සංශෝධනය විය හැක)
 
6. ඔබ නිවාස ලොතරැයි ජයග්‍රාහකයකු වුවහොත් ඔබට රු.200,000/- ක මුදල් ත්‍යාගයක් නිවාස තනාගැනිම හෝ වැඩිදියුණු කරගැනීම සඳහා හිමිවේ.
 
තොරතුරු
01. සහනාධාර ලබන දිනයේ සිටම ශක්තිමත් ආර්ථික පදනමක් ඔබ පවුල තුළ ගොඩනඟා ගැනීමට කටයුතු කල යුතු වේ.
 
02. ඔබගේ පවුල් ඒකකය තුළ සිටින සියලුම සාමාජිකයන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. 
 
03. ඔබ සමෘද්ධි වැඩසටහන තුළ ක්‍රියාකාරි සාමාජිකයෙකු විය යුතුය. (මේ අනුව කණ්ඩායම් රැස්වීම්, මාසික ප්‍රජා මූල රැස්වීම්, ඉතිරිකිරීම් ක්‍රියාවලියන්ට සක්‍රියව දායක විය යුතුය.)
 
04. ඔබ පවුලේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා ඔබ සතුව පැහැදිලි පවුල් සංවර්ධන සැලැස්මක් තිබිය යුතුය. 
 
05. ඔබ මෙම සහනාධාර ප්‍රදානය ලබාගැනීම පිණිස ඔබගේ ස්ථිර පදිංචි ලිපිනයට අයත් සමෘද්ධි බැංකුවේ සාමාජික ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කර බැංකු ක්‍රියාවලියට සම්බන්ධ විය යුතුය. 
 
06. ඔබගේ පවුලේ සාමාජික සංඛ්‍යාව සංශෝධනය වුවහොත් සහනාධාර වටිනාකම ද සංශෝධනය වනු ඇත.
 
07. ඔබගේ පදිංචි ස්ථානය වෙනස් වන්නේ නම් ඒ බව වසම භාර සමෘද්ධි නිලධාරියා වෙත කඩිනමින් දැන්විය යුතුය. නොඑසේ නම් සහනාධාරය ඉවත් විය හැක.

නව සමෘද්ධි සහනාධාරය ඉල්ලුම් කිරිමේ අයදුම්පත, නිර්නායක පත්‍රය හා ප්‍රදාන කිරීමේ පත්‍රය

✳️ පහතින් භාගත කරගත හැක
 
▶️ සමෘද්ධි සහනාධාර නිර්නායකයන් හා ප්‍රදාන පත්‍රය
 
✳️ සමෘද්ධි සහනාධාර නිර්නායක පත්‍රය පහතින් භාගත කල හැක.
 
✳️ ප්‍රදාන පත්‍රය පහතින් භාගත කල හැක.

සමාජ ආරක්ෂක අරමුදල සදහා ලියාපදිංචිය වීම හා අරමුදල් ඉල්ලීම

▶️ සමාජ ආරක්ෂක අරමුදල සදාහා ලියාපදිංචිය වීමේ අයදුම්පත් පහතින් භාගත කල හැක.
▶️ සමාජ ආරක්ෂණ හිමිකම් ඉල්ලනු ලබන කාරණය අනුව පහත ලියවිලිද අවශ්‍ය වේ.
✳️ උපතක් නම්
උප්පැන්න සහතිකය, ගර්භ සටහන් පත හා වර්ධක කාඩ්පත ඉදිරිපත් කළ යුතුය.
✳️ විවාහයක් නම්
විවාහ සහතිකයේ සහතික කළ පිටපතක් හා විවාහ වු අයගේ උප්පැන්න සහතිකයේ සහතික කල පිටපතක් ඇමිණිය යුතුය.
✳️ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීමට නම්
වෛද්‍ය වාර්තාවේ සහතික කරන ලද පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
පවුලේ සාමාජිකයෙකුනම් ඥාතීත්වය තහවුරු කරන ලේඛන ඉදිරිපත් කළ යුතුය.
✳️ මරණයක් නම්
මරණ සහතිකයේ සහතික කළ පිටපතක්.
පවුලේ සාමාජිකයෙකුනම් ඥාතීත්වය තහවුරු කරන ලේඛන ඉදිරිපත් කළ යුතුය.
✳️ අදාළ සිදුවීම සිදුවී දින 14 පෙර අයදුම්පත පුරවා වසමේ  සමෘද්ධි නිලධාරියා වෙත භාර දීම අනිවාර්ය වේ 
✳️ අයදුම්පත පහතින්  භාගත කරගත හැක
▶️ අදාල ලියවිලි සමඟ සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙත බාර දෙන්න

අනිවාර්ය ඉතිරිකිරිම් මුදල් ඉල්ලීම

අනිවාර්ය ඉතිරිකිරීම් ගෙවීම සමෘද්ධි බැංකුව මඟින් හෝ ලංකා බැංකුව මඟින් සිදු කරයි.
✳️ අනිවාර්ය ඉතිරිකිරීම් ලබා දෙන අවස්ථා
✔️ අවුරුදු 70 සම්පූර්ණ වූ විට.
✔️ දරුවන්ගේ උසස් අධ්‍යාපනයට.
✔️ දරුණු රෝගාබාධ.
( වකුගඩු,පිළිකා,හෘද සැත්කම් ආදී )
✳️ අවශ්‍ය ලිපිලේඛන
✔️ අයඳුම්පත්‍රය ප්‍රතිලාභියා විසින් සම්පූර්ණ කළ යුතුය.
⭕ අයඳුම්පත බාගත කර ගැනීමට පහත සබැඳිය වෙත පිවිසෙන්න.
✳️ අවුරුදු 70 සම්පූර්ණ වූ අවස්ථාවක නම්
✔️ අයඳුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ හා වැඩිහිටි හැඳුනුම්පතේ සහතික කළ පිටපත්.
✔️ පාස් පොතේ හෝ හැඳුනුම්පතේ නම් වල වෙනසක් ඇත්නම්, දිවුරුම් ප්‍රකාශයක්.
 ✳️ උසස් අධ්‍යාපනයකට ගෙවීමේදී නම්
✔️ තෝරාගත් විශ්ව විද්‍යාලයෙන් තෝරා ගත් බවට එවන ලද ලිපියේ පිටපතක් (බැංකු කළමනාකරු හා සමෘද්ධි සංවර්ධන නිලධාරී සහතික කළ)
✔️ දරුවාගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක්.
✔️ දෙමව්පියන්ගේ හැඳුනුම්පත් වල පිටපත්.
✳️ දරුණු රෝගාබාධ ඇතිවූ අවස්ථාවක නම්
✔️ වෛද්‍යවරයා විසින් ලබා දෙන වෛද්‍ය වාර්තාව.
✔️ සමෘද්ධි සංවර්ධන නිලධාරී හා බැංකු කළමනාකරු රෝග තත්වය පිළිබඳව නිර්දේශ කරන ලද ලිපිය.
*ප්‍රතිලාභියාට,බිරිඳ හෝ අවිවාහක දරුවන්ට ප්‍රතිලාභ ලබා ගත හැක.
▶️ සම්පූර්ණ කරන ලද අයඳුම්පත සමඟ අදාල ලියවිලි වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙත බාරදීමට කටයුතු කරන්න.

නිවාස ලොතරැයි ජයග්‍රහයකයින් ලබා දිය යුතු අයදුම්පත හා අදාල කරුණු

✳️ අදාල අයදුම්පත පහතින් භාගත කල හැක.
✳️ විශේෂ කරුණු පහතින් දැක්වේ.
ජයග්‍රාහී ප්‍රතිලාභියා හඳුනාගැනීමේදී හා සමීක්ෂණ පත්‍රිකා පිරවීමේදී පහත කරුණු කෙරෙහි සැලකිලිමත් වන්න.
• සෑම ජයග්‍රාහකයෙකුම අදාළ ජයග්‍රාහී කාලපරිච්ඡේදය සඳහා සමෘද්ධි ප්‍රතිලාභියෙකු ලෙස වලංගු සහනාධාර පත්‍රයට හිමිකම් කිවයුතු අතර නිවාස ලොතරැයි භාරකාර අරමුදලට දායක මුදල් ගෙවා තිබිය යුතුය.
• ප්‍රතිලාභි දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ දී සිදුවන දෝෂයක් මත අදාළ දිනුම් අදින කාලපරිච්ඡේදයට සහනාධාර නොලැබූ අයෙකුට ජයග්‍රහණයක් හිමිවුවහොත් ඔහුට හෝ ඇයට කාලත්‍රයාට හෝ වෙනත් යැපෙන්නේකුට කිසිදු අයුරකින් හිමිකම් කීමට නොහැකිය.
• දිනුම් අදිනු ලබන අවස්ථාව වනවිට හෝ ත්‍යාග මුදල් පිරිනමන අවස්ථාව වනවිට දිනුම්ලාභියා මියගොස් ඇත්නම් එම ත්‍යාගය ලබාගැනීම සඳහා ඉදිරිපත්වන හිමිකම්පාන්නා විසින් මියගිය අයට (දිනුම්ලාභියාට) ඇති ඥතිත්වය තහවුරු කිරීමට අදාල නිත්‍යානුකූල ලේඛන ඉදිරිපත් කළ යුතුය. (මරණ සහතිකය/උප්පැන්න සහතිකය/විවාහ සහතිකය/ග්‍රාම නිලධාරී වාර්තා වැනි) එසේම මෙවැනි අවස්ථාවක ජයග්‍රාහි ප්‍රතිලාභියාගේ නීත්‍යානුකූල කාලත්‍රයා ද ජීවතුන් අතර නොසිටිනම් ඒ සඳහා හිමිකම් කිවහැකි වන්නේ ප්‍රතිලාභී පවුලේ අවිවාහක දරුවන්ට පමණි.
• තනි පුද්ගල සහනාධාරලාභියෙකුට ජයග්‍රාහී  ප්‍රතිලාභියෙකු ලෙස ජයග්‍රහණය කළ ද ත්‍යාග අරමුදල පිරිනමනු ලබන අවස්ථාව වන විට ඔහු හෝ ඇය මියගොස් සිටී නම් එකී ත්‍යාග මුදල සඳහා කිසිවෙකුට හිමිකම් සඳහා ඉදිරිපත් විය නොහැක.
• ලොතරැයි නාමලේඛනයට අනුව ජයග්‍රාහී ප්‍රතිලාභියාගේ නම, ලිපිනය හෝ හැදුනුම්පත් අංකයෙහි යම් වෙනසක් සිදුවී ඇත්නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම අදාළ කාරණය සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.
• සමීක්ෂණ පත්‍රිකාව සම්පූර්ණ කිරීමේදී සැමවිටම සමෘද්ධි බැංකු සංගමයේ නම හා ගිණුම් අංකය පැහැදිලිව සඳහන් කළ යුතුය.
• සමීක්ෂණ පත්‍රිකාව ඉදිරිපත් කිරීමේදී  සමෘද්ධි සංවර්ධන නිලදාරී, සමෘද්ධි කළමනාකරු, ප්‍රාදේශීය ලේකම් යන අයගේ අත්සන සහ නිල මුද්‍රාව (පැහැදිලිව) තිබීම අනිවාර්ය වේ.
• අසම්පූර්ණ පත්‍රිකා කිරීමෙන් වැළකීම මූලස්ථාන කළමනාකරුගේ වගකීම් මම සලකන්න.

සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව පිළිබඳ තොරතුරු

සමෘද්ධි සහනාධාරලාභී පවුල්වල අ.පො.ස (උ.පෙ) හැදෑරීම සඳහා සුදුසුකම් ලබා පාසල් අධ්‍යාපන කටයුතු වල නිරතවන සියලුම දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්වය ප්‍රදානය කරනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම් 
1. සමෘද්ධි සහනාධාරලාභි පවුලක් විය යුතුය.
2. අ.පො.ස (සා.පෙ) විභාගයට පෙනී සිට අ.පො.ස (උ.පෙ) හැදෑරීමට සුදුසුකම් ලබා පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත ශිෂ්‍යයකු/ශිෂ්‍යයාවක වීම.
විදුහල්පතිවරයාගේ සහතිකය ලබාගත යුතුය.
3. අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම.
මෙහිදී ලැබෙන මාසික දීමනාව රුපියල් 1500.00/= ක් වන අතර එය ශිෂ්‍යයෙකු/ශිෂ්‍යාවක අ.පො.ස (උ.පෙ) හදාරන වසර දෙක සඳහා ලබා දෙනු ලැබේ.
අහෝසි වෙන අවස්ථා 
1. ශිෂ්‍යත්වලාභියා පාසල් අධ්‍යාපනය හැර යාම.
2. ශිෂ්‍යත්වලාභියා පාසලට පැමිණීම, හැසිරීම හා ඉගෙනීම් කටයුතු අසතුටුදායක අවස්ථාවන් වලදී.
3. ශිෂ්‍යත්වලාභියා විවාහ වූ අවස්ථාවකදී.
4. ශිෂ්‍යත්වලාභියා මියයාමකදි.
5. සමෘද්ධි සහනාධාරය අහිමිවීම.
✳️ අදාල අයදුම්පත පහත දිගුවෙන් ලබාගත හැක.

සමෘද්ධි නිලධාරීන්ගේ දුරකථන නාමාවලිය

✳️ සමෘද්ධි ප්‍රජාමූල බැංකු දුරකථන නාමාවලිය 
☎️ බෝමිරිය සමෘද්ධි ප්‍රජාමූල බැංකුව         - 011 2537178
☎️ මාලබේ සමෘද්ධි ප්‍රජාමූල බැංකුව            - 011 2413357
☎️ අතුරුගිරිය සමෘද්ධි ප්‍රජාමූල බැංකුව      - 011 2762366
☎️ බත්තරමුල්ල සමෘද්ධි ප්‍රජාමූල බැංකුව  - 011 2865501
✳️ වසම් වල සමෘද්ධි සංවර්ධන නිලධාරී දුරකථන නාමාවලිය පහතින් භාගත කරගත හැක.
Scroll To Top